මන්ත්‍රී දිනේෂ්ගේ ඉල්ලීමට පක්ෂ නායකයෝ එකඟ වෙති

මන්ත්‍රී දිනේෂ්ගේ ඉල්ලීමට පක්ෂ නායකයෝ එකඟ වෙති

by Sagarika Chathumali 19-02-2018 | 10:42 AM

Update : ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව අනුව අද පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාදයක් කිරීම සඳහා පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

අද උදෑසන සභාව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විවාදයක් අවශ්‍ය බවයි.
ඒ සඳහා මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් කථානයාකවරයා වෙත භාර දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවූ කථානායකවරයා පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල්තබනු තැබී ය. පසුව පක්ෂ නායක රැස්වීමේදී අද පස්වරුවේ විාවදයක් පැවැත්වීම සඳහා පක්ෂ නායකයින් එකඟ වී ඇත.