ශ්‍රීලනිප මන්ත්‍රීහු ජනපති හමුවෙති

ජනපති සහ ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර තවත් සාකච්ඡාවක්

by Sagarika Chathumali 19-02-2018 | 12:59 PM
COLOMBO (Newsfirst) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සකච්ඡාවක් ආරම්භ වී තිබේ. මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පස්වරු 4 සිට පස්වරු 7 දක්වා පාර්ලිමෙන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත ය. අද දින මෙම විවාදය සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ, ඒකාබද්ධයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.