කුලියාපිටියේ ගැටුමකින් සිසුවකු මරුට

කුලියාපිටියේ සිසුවා මියගියේ විදුහල්පතිගේ වරද නිසා ද?

by Hashini De Mel 19-02-2018 | 8:14 PM

COLOMBO (Newsfirst) - කුලියාපිටිය, ඇපලදෙණිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් අනතුරුව එක් සිසුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ඒ, පසුගිය 17 වන දා කුලියාපිටිය ඇපලදෙණිය විද්‍යාලයේ 8වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර සිදු වූ ගැටුමක් හේතුවෙනි. අප වාර්තාකරු පැවසුවේ, ගැටුමේදී එක් සිසුවෙකු රෝගාතුරවී ඇති බවයි. එම සිසුවා අනතුරුව කුලියාපිටිය රෝහලටත් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. දින දෙකක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා ඊයේ පස්වරුවේ අවසන් සුසුම් හෙළුවේ සියල්ලන් කම්පාවට පත් කරමිනි. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස 12 හැවිරිදි පී. එම්. සචින්ත දයාන් ය. ඔහු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වේ. ඥාතීන් චෝදනා කරනු ඇත්තේ, දරුවා වැටී සිටියදී විදුහල්පතිවරයා ඒ පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදැක් වූ බව ය. ඊයේ පස්වරුවේ මියගිය සිසුවාගේ නිවසට පාසලේ විදුහල්පතිවරයා ද පැමිණ ඇත. මියගිය සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 21 වන දා ඇපලදෙණිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.   https://www.youtube.com/watch?v=V0n2YQ6JCpg