ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල්

ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල්

by Hashini De Mel 19-02-2018 | 4:18 PM

COLOMBO (Newsfirst) - කැපවීම සහ පුහුණුවීම් තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට හැකි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, බංග්ලාදේශය සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමත් සමග වසරකට පසුව පන්දුවාර 20/20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති එහි අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 210 කි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 31ක් වේ. කුසල් මෙන්ඩිස් ලකුණු 70 ක් රැස් කර ඇත. ලකුණු 211 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 135 ක් පමණි. https://www.facebook.com/NewsfirstSL/videos/1847985058595077/