කවුඩුල්ල ජාතික උද්‍යානයේ ආදායම මිලියන 191 ඉක්මවයි

කවුඩුල්ල ජාතික උද්‍යානයේ ආදායම මිලියන 191 ඉක්මවයි

by Hashini De Mel 19-02-2018 | 5:25 PM

COLOMBO (Newsfirst) - 2017 වසර තුළ කවුඩුල්ල ජාතික උද්‍යානයට සංචාරකයින් 159,394ක් පැමිණ ඇති බව වාර්තා වේ.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කළේ, ඒ තුළින් රුපියල් මිලියන 191.11ක ආදායමක් ලැබී ඇති බවයි. කවුඩුල්ල ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 72,959ක් පැමිණ ඇති අතර එයින් මිලියන 2.87ක ආදායමක් ලැබී තිබේ. එමෙන් ම එම වසරේදී විදේශීය සංචාරකයින් 86,435ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 126.23ක ආදායමක් උපයා ඇත. මෙම සංචාරකයින්ගේ පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.01ක ආදායමක් ද උපයාගෙන තිබේ.