ඉරාන යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම අතරමග නවතී

ඉරාන ගුවන් අනතුර මියගිය මගීන්ගේ සිරුරු සෙවීම අතරමග නවතී

by Sagarika Chathumali 19-02-2018 | 8:58 AM

අයහපත් කාලගුණය හේතුවෙන් ඉරාන ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා ආරම්භ කර ඇති මෙහෙයුම්වලට බාධා එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දැඩි මීදුම් තත්ත්වය හමුවේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවූ ගුවන් යානා යළි පැමිණ ඇති බවයි. ඉරානයේ ටෙහෙරාන් නුවර මෙහෙරාබාද් ගුවන් තොටුපොළෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පිරිස ජීවිතක්ෂයට පත්විය. අනතුරින් මිය ගිය අය අතර මගීන් 60 දෙනෙක් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ නියමුවෝ දෙදෙනා ද වූහ. යානය සග්රෝස් කඳුකර ප්‍රදේශයේ දේනා කඳුවැටිය මතදී අනතුරට පත්වන විට එය ටෙහෙරාන් නුවර සිට යසූජ් නගරය බලා පියාසර කෙරෙමින් තිබිණ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය ගුවන්ගත වී පැයකට පමණ පසු එය රේඩාර් පථයෙන් ගිලිහී ගිය බවයි. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු නොමැත.