සත්ත්වෝද්‍යානවල ආදායම මි. 762 ඉක්මවයි

2017 වසරේ සත්ත්වෝද්‍යානවල ආදායම මි. 762 ක්

by Hashini De Mel 18-02-2018 | 6:18 PM

COLOMBO (Newsfirst) - 2017 වසරේදී ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06 දක්වා ඉහළ ගොස් ඇති බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය පවසයි. 

එම ආදායමෙන් දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් රුපියල් මිලියන 177.42ක් ද,  විදේශීය සංචාරකයින්ගේ පැමිණීමෙන් මිලියන 564.25ක් ද, වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් උපයා ඇත. 2017 වසරේදී ජාතික සත්ත්වෝද්‍යාන වෙත පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව  2,219,841කි. ඒ අතරින් 1,942,519ක් දේශීය සංචාරකයින් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් ය.