14කට මරු කැඳවූ මෙක්සිකෝ හෙලිකොප්ටර් අනතුර

14කට මරු කැඳවූ මෙක්සිකෝ හෙලිකොප්ටර් අනතුර

by Chathuranga Rajapaksha 18-02-2018 | 9:16 AM
මෙක්සිකෝ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ගේ සුවදුක් බැලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි ඔකාසා ආණ්ඩුකාරවරයා ගමන් කළ හෙලිකොප්ටරයක අනතුරට ලක් වීමෙන් මියගිය සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් ආණ්ඩුකාරවයාට කිසිඳු හානියක් නොමැත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය. ඊයේ උදෑසන මෙක්සිකෝවේ සිදු වූ මැග්නිටියුට් ඒකක 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවිය.