එමා වොස්ටන්ගෙන් මිලියනයක පරිත්‍යාගයක්

ලිංගික අතවරයන්ට එරෙහිව එමාගෙන් පවුම් මිලියනයක දායකත්වයක්

by Staff writer 18-02-2018 | 6:41 PM

ජනප්‍රිය හොලිවුඩ් නිලි එමා වොට්ස්න් ලිංගික හිරිහැර කිරීම් නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් වන Time’s Up වැඩසටහන සඳහා පවුම් මිලියන 1ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙය ලිංගික අතවරයන්ට එරෙහිව හොලිවුඩ් නිළියන් පිරිසකගේ මූලිකත්වයෙන් අරැඹි වැඩසටහනක් වන අතර ඊට හොලිවුඩ් නිළියන් 300කට අධික පිරිසක්, පිටපත් රචකයින් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු එක්ව සිටිති. මෙම වැඩසටහනේ අරමුණ චිත්‍රපට කර්මාන්තය තුළ සහ අනෙකුත් සෑම ස්ථානයකදී ම කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නැගී සිටීමයි. ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටෙයින්ට එරෙහිව ඉහළ පෙළේ නිළියන් රැසකගෙන් චෝදනා එල්ල කිරීමත් සමග මෙම වැඩසටහන ඇරඹිණ. එමා තොම්සන්, කීරා නයිට්ලි ඇතුළු ප්‍රධාන පෙළේ නිලියන් 200කට වැඩි පිරිසක් මෙම වැඩසහන ආරම්භ කරමින් විවෘත ලිපියට අත්සන් තැබුවෝ ය.