නව සභිකයින් ගැසට් කිරීම තව දුරට ත් ප්‍රමාදයි

නව සභිකයින් ගැසට් කිරීම තව දුරට ත් ප්‍රමාදයි

by Chathuranga Rajapaksha 18-02-2018 | 6:47 AM
COLOMBO - (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් ගැසට් කිරිම තව දුරට ත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ, පක්ෂ ලේකම්වරුන් වෙත, නම් කළ යුතු සභික ප්‍රමාණය නිශ්චිතව දන්වා යැවීමට පළාත් පාලන ආයතන වලට අදාළව ගණනය කිරිම් සිදුකළ යුතුව ඇති බව ය. පළාත් පාලන පනතේ පවතින සංකීර්ණතාව හේතුවෙන්, ගණනය කිරිම් සඳහා වැඩි කාලයක් ගතවන බව ද කොමිෂන් සභාව පවසයි. මේ වන විටත්, අදාළ ගණනය කිරිම් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පමණක් ක්‍රියාත්මක වන බව ද කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු කාන්තා නියෝජනය ද ඇතුළත්ව පළාත් පාලන ආයතන වෙත සභිකයින් පත් කිරිමට නියමිත බැවින්, මැතිවරණ ප්‍රතිඵල මත එම ගණනය කිරිම් සිදුවන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් ප්‍රමාණ ගණනය කර ඉදිරි සතිය ඇතුළත පක්ෂ ලේකම්වරුන් වෙත ලිඛිතව දැන්වීමට පියවර ගන්නා බව ය.