නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනපති එකඟතාවක

නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනපති එකඟතාවක

by Chathuranga Rajapaksha 18-02-2018 | 9:00 AM
ඇෆ්ගනිස්ථානයට ස්ථාවර සාමයක් උදාකිරීම වෙනුවෙන් සහාය දැක්වීමට ඉන්දීය සහ ඉරාන නායකයින් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවේ සංචාරයක නිරත ඉරාන ජනාධිපති හසන් රුහානි, නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ය. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ සයිබර් අපරාධ තුරන් කරමින්, ඇෆ්ගනිස්ථානයට සාමය උදාකළ යුතු බව එහිදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට සහාය දක්වන්නේ මූල්‍යමය වශයෙන් ද , නැත්නම් අවි ආයුධ සැපයිමෙන් ද යන්න මෙතෙක් තීරණය කර නොමැත. ඇෆ්ගනිස්ථානයට සාමය උදා කිරීම, ලෝකයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුමේ ප්‍රබල සංධිස්ථානයක් වන බව ද නරේන්ද්‍ර මෝදි එහිදි ප්‍රකාශ කළේය. 2001 වසරේ සිට ඉන්දියාව ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ මුදලක් ලබා දී තිබේ. 2016 වසරේ ද ඉන්දියාව, ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දුන්නේ අධ්‍යාපන , සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු වෙනුවෙනි.