චිත්‍රපට කලාකරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉහළට

චිත්‍රපට කලාකරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉහළට

by Sagarika Chathumali 18-02-2018 | 5:36 PM

COLOMBO (Newsfirst) : චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ යටතේ මසකට රුපියල් 2,000/- බැගින් වූ දීමනාව ලබන විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් සංඛ්‍යාව 57 කි. ඊට අමතරව තවත් අයැදුම්කරුවන් 106 දෙනෙක් එම දීමනාව අපේක්ෂාවෙන් සිටිති. එම මාසික විශ්‍රාම දීමනාව රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමට ත්, විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 163 දෙනෙකු සඳහා එම දීමනාව ගෙවීමට හැකිවන පරිදි චිත්‍රපට සංස්ථා භාරය වෙත රුපියල් මිලියන 10ක භාණ්ඩාගාර ප්‍රදානයක් ලබා ගැනීමටත් පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අවුරුදු 60 ඉක්ව මූ චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා මාසික විශ්‍රාම දීමනාවක් ලබාදීමේ මෙම වැඩපිළිවෙළ 1986 අංක 03 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරනු ලැබිණ. 'ජාතික චිත්‍රපට සංස්ථා භාරය' විසින් 1987 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.