උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය

උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය

by Chathuranga Rajapaksha 18-02-2018 | 11:07 AM
COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කරන බව නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ, විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කරන අදාළ කටයුතුවලට සහාය වීම සඳහා තම අමාත්‍යාංශයෙන් ද විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ය. මේ අතර සිදුවන එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සහාය වීමට සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ද පත්කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, එරට නීතිය අනුව මෙරටට ගෙන ඒමේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ය.