ඉරාන යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට

ඉරාන යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට

by Chathuranga Rajapaksha 18-02-2018 | 2:10 PM
Update : කඩා වැටුණු ඉරාන ගුවන් යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ටෙහෙරාන් සහ යසුජු නගර අතර පියාසර කරමින් තිබූ යානය සැග්රෝස් කඳුවැටියේදී අනතුරට ලක්විය.
60 දෙනෙකු පමණ රැගත් මගී ගුවන් යානයක් මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී කඩා වැටී තිබේ. මෙම ගුවන් යානය ටෙහෙරාන් සහ වයඹ දෙසින් පිහිටි යසුජු නගරය අතර පියාසර කරමින් සිටියදී ඉස්ෆාන් පළාතේ අර්ධිරෝම් නගරය ආසන්නයේ සැග්රෝස් කඳුවැටියේදී අනතුරකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එම ස්ථානයට හෙලිකොප්ටරයක් පිටත් කර යැවිය නොහැකි බව විදෙස් වාර්තා වල දැක්වේ. එබැවින් පුද්ගලයින් ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳ තවම ත් තොරතුරු වාර්තා වී නොමැත. ATR 72-500 නමැති එම ගුවන් යානය අසමං එයාර්ලයින්ස් විසින් මෙහෙයවන ලද්දකි.