‍කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

‍කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 8:54 AM
COLOMBO (Newsfirst) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව ය. ඒ අනුව කෙළඹ 01, 02 ,03, 04, 07, 08, 09,, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොළඹ 12 හා 13 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයිමට සිදුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.