විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි

විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි

by Chathuranga Rajapaksha 17-02-2018 | 12:07 PM
දකුණු අප්‍රිකාවට එරෙහි 6වන එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව තරග 6කින් සමන්විත වූ තරගාවලිය තරග 5ට 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 46යි පන්දු 5ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 32යි පන්දු 1ක් තුළ කඩුලු 2ක් පමණ දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය නායක විරාට් කෝලී පන්දු 96කදී ලකුණු නොදැවී ලකුණු 129ක් ලබා ගත්තේය. දෙපිලක් අතර පැවති එක්දින තරගාවලියකදී මුළු ලකුණු 500ක් හෝ ඊට වැඩි ගණනක් ලබාගත් පළමු පිතිකරුවා බවට කෝලී පත්විය. මෙම තරගාවලියේදී ශතක 3ක් සමගින් කෝලි රැස් කළ ලකුණු ගණන 558කි.