රු. කෝටියක මත්ද්‍රව්‍ය රේගු දැලේ

රු. කෝටියක මත්ද්‍රව්‍ය රේගු දැලේ

by Chathuranga Rajapaksha 17-02-2018 | 12:47 PM
COLOMBO (Newsfirst) - කෝකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය අඩංගු කැප්සූල් තොගයක් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරය තුළ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු කැප්සූල් 45 ක් පිටතට ගත් බව ය. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නප බව ඔහු සඳහන් කළේය.