රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය මඩකලපුව

රුධිරය හිඟ වීමේ ප්‍රවාණතාවක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 8:46 AM
COLOMBO (Newsfirst) - රුධිරය හිඟ වීමේ ප්‍රවාණතාවක් මතුවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහබෙල්ලන මහතා පැවසුවේ සතියට ලැබෙන රුධිරය ප්‍රමාණයට වඩා රුධිර නිකුත් කිරීම ඊට හේතු වී ඇති බව ය. රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය ලෙස මඩකලපුව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.