මහින්ද දේශප්‍රිය සහ කතානායක අතර සාකච්ඡාවක්

මහින්ද දේශප්‍රිය සහ කතානායක අතර සාකච්ඡාවක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 6:59 AM
COLOMBO (Newsfirst) - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා කතානායක කරූ ජයසුරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විය. ඒ, ආණුඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කතානයකවරයා දැනුවත් කිරීම සඳහායි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දීමට සිදුවු ගැටළු පිළිබඳව එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළේය. 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු එහිදී මහින්ද දේශප්‍රිය මහතා විසින් කතානායකවරයාට පෙන්වා දෙනු ලැබිණි. අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත් ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව අධ්‍යන කරන ලෙස ද කතානායකවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටී.