by Staff writer 17-02-2018 | 3:47 PM
Colombo (Newsfirst)
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
ඔවුන් පෙන්වා දුන්නේ, නව මැතිවරණ ක්‍රමයේ පවතින ගැටලු සහගත තත්ත්වය යි.
එහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා පැවසුවේ, නව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කිහිපයක් දක්නට ඇති බව ය.
මෙම මැතිවරණය ජයග්‍රාහකයින් පරාජිතයින් බවටත් පරාජිතයින් ජයග්‍රාහිකයින් බවටත් පත් වන ක්‍රමවේදයක් බවට පරිවර්තනය වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.