දකුණු අප්‍රිකානු නව ජනපතිගේ "නව උදාව"

දකුණු අප්‍රිකානු නව ජනපතිගේ "නව උදාව"

by Chathuranga Rajapaksha 17-02-2018 | 8:36 AM
නව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු වරට ජාතිය අමතමින් "නව උදාව" පිළිබඳ කතා කර තිබේ. නව උදාවත් සමගින් අපට පිටුපසින් ඇති සියලු අහිතකර දේවල් ඉවත දැමිය යුතු බව රාමෆෝසා ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේය. දූෂණ චෝදනා රැසක් එල්ල වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග 65 හැවිරිදි සිරිල් රාමෆෝසා නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.