ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ වාර්තාව ළඟදීම පොලීසියට

කඩා වැටුණු ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ වාර්තාව දින 2ක් තුළ පොලීසියට

by Chathuranga Rajapaksha 17-02-2018 | 7:16 AM
COLOMBO (Newsfirst) -  කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි පසුගියදා කඩා වැටුණු ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි දින දෙක තුළ පොලීසියට භාර දීමට අපේක්ෂා කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂිකා කුමුදුනි ජයවර්ධන මහත්මිය පැවසුවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ ප්‍ර‍මිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ය. එම ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලෙහි කොන්ත්‍රාත්කරු විසින් එය අනාරක්ෂිත ලෙස ඉවත් කිරිමට යෑමෙන් මෙය සිදුව ඇති බව නිරීක්ෂණය වූ බව ඇය වැඩි දුරට ත් සඳහන් කළා ය. සිද්ධිය සිදුවූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරිමේදි අදාළ ගොඩනැගිල්ලෙහි එක් කොටසක් පමණක් කඩා වැටී ඇති ආකාරය නිරික්ෂණය වූ බව ත් ඇය වැඩි දුරට ත් පැවසුවා ය. පසුගියදා සිදුවූ මෙම අනතුරින් එම ස්ථානයේ සේවය කළ 09 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව 07 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය. මෙලෙස කඩා වැටිමට ලක් වුණේ කුළු බඩු අපනයනය කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් සහිත ගොඩනැගිල්ලකි.