ඉන්දු - ද. අප්‍රිකා 6 වන තරගය අද

සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට

by Staff writer 16-02-2018 | 12:42 PM
Colombo (Newsfirst) ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් අවසන් කිරීමට උත්සහ කරන බව දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසයි. ඉන්දු - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන සහ අවසන් තරගය සෙන්චූරියන්හිදී අද පැවැත්වේ. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 4ට 1ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසන්නේ තරගාවලිය පරාජය වුව ද ජයග්‍රහණයක් සමගින් එය අවසන් කිරීමට උත්සහ ගන්නා බව ය. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිත ය.