by Chathuranga Rajapaksha 16-02-2018 | 8:21 PM
COLOMBO (Newsfirst) - පෙබරවාරි මාසය වර්තමානයේ මෙන්ම 1815 වසරේදීත්, ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් බෙහෙවින් තීරණාත්මක මාසයක් විය.
ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් විසින් යටත් කරගනු ලැබුවේ ද 1815 වසරේ පෙබරවාරි මාසයේදී ය.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය කොළඹදී ඊයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සම්මානිත මහාචාර්ය එම්. යූ. ද සිල්වා මහතා එදා පෙබරවාරියේ මතකය මෙලෙස ආවර්ජනය කළේය.
"රජ්ජුරුවෝ අල්ලා ගත්තේ පෙබරවාරි 18 වෙනිදා, අල්ලගෙන කියනවා ඩොයිලි රදලයන්ට, හා හරි දැන් අපි මේ කෘර රජ්ජුරුවෝ ආර්ය සිංහලයන්ගේ ලේ හොල්ලපු මේ මිලේජ්ජ කෘර රජ්ජුරුවෝ අපි අල්ලගත්තා. දැන් ඔයගොල්ලන්ගෙන් රජෙක් තෝරගන්න. ඉතින් ඩොයිලි දන්නවා මේ ගොල්ලෝ අතර තිබ්බ අසමගිය නිසා එකමුතු කමක් ඇති වෙන්නේ නෑ. පෙබරවාරි 18 වෙනිදා රජ්ජුරුවෝ අල්ලගත්තේ.පෙබරවාරි 27 වෙනකන් බලන් හිටියා අනුප්‍රාප්තිකයෙක් පත් කරන්න තෝරනකන්. එතකොට කාටවත් බැරිවුණා ඒ වැඩේ කරන්න. ඒ නිසා 27 වෙනිදා කියනවා ඩොයිලි, තමුසෙලාට එකමුතුකමක් නෑ ඒ නිසා අපි රජකම නැති කරනවා. ලංකාවේ රජකම නැති කරනවා. මොකක්ද ඩොයිලිට තිබුණ අයිතිය ලංකාවේ රජකම නැති කරන්න?. ඊළඟට මේ කට්ටියට මොකක්ද තිබිච්ච අයිතිය රජ්ජුරුවෝ ඔහොම මේවා කරන්න? ඊළගට මඟුල් මඩුවට මේ රදලයෝ ටික රැස් කරනවා.ඒ කියන්නේ මාර්තු 2 වැනිදා. ඒ වෙනකොට අර උඩරට ආක්‍රමණය කරපු හමුදාවල් ඔක්කෝම හමුදා කණ්ඩ මේ රජ මිදුලේ පේලි ගස්සලා ඉන්නවා.ඒ අතර තමයි මේ එක් එක්කෙනා එන්නේ රදලයෝ, තමන්ගේ ආවතේව කාරයොත් එක්ක. මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඇහැලේපොල. ඇහැලේපොල බොහොම ආදරයෙන් පිළිගැනලා මේ වාඩි කළා. ඒ වාඩි කරනකොට වෙනදා රජ්ජුරුවෝ හිටපු තැන සිංහාසනේ වහලා සුදු රෙද්දක් දාලා තියනවා. ඒ සුදු රෙද්දට උඩින් තියනවා මහ රජ්ජුරුවන්ගේ - ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගේ පින්තූරයක්. ඉතින් මේ රැස්වීම් ශාලාවට මඟුල් මඩුවේ තිබුණේ ,රැස්වීම් ශාලාවට ඇතුල් වෙනකොට හැම කෙනෙක්ම ජෝර්ජ් මහ රජ්ජුරුවන්ට හිස නමලා ගරු කරන්න ඕනි. ඊළගට සුහඳ කතා බහ කරලා මේ බ්‍රවුන්රිග් කියනවා තමුන්නාන්සේලා ඉතාම විශිෂ්ඨ වැඩක් කරේ . මේ කෘර දුෂ්ඨ රජ්ජුරුවෝ අපි ඔන්න අයින් කරලා දැම්මා. ඊළඟට අපි දැන් මේ උඩරට පාලනය කරන්න සැලැස්මක් හදලා තියනවා"
https://www.facebook.com/NewsfirstSL/videos/1844512952275621/