මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමට පියවර

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමට පියවර: දේශපාලන ස්ථාවරත්වයත් ඉල්ලා සිටිනවා - මහ බැංකු අධිපති

by Chathuranga Rajapaksha 16-02-2018 | 10:12 PM
COLOMBO (Newsfirst) - වර්ෂ 2017 දී අයහපත් කාලගුණය හේතුවෙන් ආර්ථික වේගය අඩපණ වූවත් වර්තමානය වනවිට එය හොඳ තත්ත්වයට ගමන් කරන ලකුණු පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ, හේතුවෙන් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසම පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. "ආර්ථිකය යහපත් ලෙස ස්ථාවර වී ඇති බව සැළකිය යුතු තෘප්තියක් සඳහා හේතු වී තිබුණා" යැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.25% හා නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) 8.75% මට්ටමේ පවත්වා ගැනීමට මූල්‍ය මණ්ඩලයට හැකි වී තිබේ. 2017 දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4% කින් වර්ධනය වී එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේ 3.3% ක් දක්වා ආර්ථික වර්ධනය පහත බැස තිබේ. 2017 වර්ෂ තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6.0% සිට 5.5% දක්වා පහත වැටෙනු ඇති බවට විශ්වාසය පල කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් මණ්ඩලය පවසන්නේ ආර්ථිකය වර්තමානයේ සිය හැකියාවන්ට වඩා පහළ මට්ටමකට වැටෙනු ඇති බව ය. පවත්නා දර්ශකයන් අනුව, පසුගිය වසර දෙක තුළ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති අතර, විදේශීය ඉල්ලුම සහ විදේශීය ඍජු ආයෝජන ලැබීම්වල අපේක්ෂිත වර්ධනයට වාසි වන බව මහ බැංකුව පවසයි. මේ වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව 5% සිට 5.5% දක්වා ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර, ස්ථාවර අනුපාතිකය පවත්වා ගැනීම සඳහා තීරණය වන්නේ, පාලක සභාග ආණ්ඩුව විසින් අත්විඳි පරාජයෙන් පසු ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාවයෙන් පසුව ගනු ලබන තීරණ මතයි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, දේශපාලන අවිනිශ්චිතතාවය ආයෝජන හා වර්ධනය අඩු කිරීමට හේතු විය හැකි බව ය. "තරඟකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා ඉක්මණින් ස්ථාවර විය යුතු බව ත්, එය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ත්, එය ඉදිරියට ගෙන යා යුතු ය" යනුවෙන් දැන්ම පැවසීම කල් වැඩි බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.