කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර

කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර සැපයීමට පියවර

by Staff writer 16-02-2018 | 11:05 AM
Colombo (Newsfirst) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාවට යල මහ දෙකන්නය සඳහා ප්‍රමාණවත් ලෙස මොරගහකන්ද ජලාශ්‍රයෙන් දියවර සැපයීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ඉදිකෙරෙමින් පවතින වයඹ මහ ඇළ ව්‍යාපෘතිය අවසන් වූ වහාම ජල සැපයුම ආරම්භ කරන බව ය. වයඹ ඇළ යටතේ මහ වැව් සහ කුඩා වැව් 300කට ජලය සැපයීමට සැලසුම් කර ඇති බව ද අධිකාරිය සඳහන් කළේ ය.