කැලණිවැලියේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවේ

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය අද රාත්‍රී 8.00 සිට තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 16-02-2018 | 7:23 AM
Colombo (Newsfirst) අද රාත්‍රී 8.00 සිට ලබන 19 වන දා අලුයම 4.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍ර‍කාශ කළේ, හදිසි නඩත්තුවක් හේතුවෙන් මෙම පියවර ගත් බව ය. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෛනිකව ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 20කට ආසන්න ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, සති අන්තයේ දුම්රිය ගමන් වාර 15ක් පමණ ක්‍රියාත්මක වන බව ය.