අලුත්කඩේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අලුත්කඩේදී අයෙකුට වෙඩි තබයි: දෙදෙනෙක් මරු දකිති

by Staff writer 16-02-2018 | 5:56 PM
COLOMBO: කොළඹ , අලුත්කඩේ අධිකරණ සංකීර්ණ ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වෙඩි වැදුණු පුද්ගලයා සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා යන දෙදෙනා යි. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා 39 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ජනතාව විසින් අල්ලා පොලිසියට භාර දී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. https://www.youtube.com/watch?v=ZbLCtG3eTrw