අගමැති ධුරයේ තව දුරට ත් කටයුතු කරනවා

අගමැති ධුරයේ තව දුරට ත් කටයුතු කරනවා - රනිල් වික්‍රමසිංහ

by Chathuranga Rajapaksha 16-02-2018 | 7:21 PM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය ධුරයේ තව දුරට ත් කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - අගමැතිතුමා ඔබතුමා වසර 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරලා තියනවා. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් කාලේ හරි කියලා අලුත් නායකත්වයකට රට භාර දෙන්න? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - ඉතිං අලුත් නායකත්ව පරපුරක් බිහි කරන්න ඉන්නේ. ඒකයි මම දැන් කිව්වේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - ඒ කියන්නේ? කවද්ද ඔබතුමා-- අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - ඒ වැඩකටයුතු සාකච්ඡා කරලා අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. සාකච්ඡා කෙහොමත් මේ මැතිවරණ කොමිසමට ලයිස්තු එව්වයින් පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24න් වෙන්නේ නෑ. පරිවර්තනය අපි දැන් කරගෙන යනවා.-- මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - දැන් ඔබතුමාට චොදනාවක් එල්ලවනවා අගමැති ධූරයෙන් ඉවත් වෙන්න කියලා. විශේෂයෙන්ම නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය එතකොට ජනාධිපතිවරයාත් ඒ ඉල්ලීමම කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මොකද්ද ඔබතුමා ඒකට දෙන ප්‍රතිචාරය? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.-- මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - අගමැතිතුමා දැනට වාර්තා වෙමින් පවතිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඒකාබද්ධ විපක්ෂය එකට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් සමග ආණ්ඩුවක් හදන්න යනවා කියලා.හ් පිලිබදව ඔබතුමා දැනුවත්ද? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු මට කිව්වා ඒ අයට කතා කරලා තිබුණා කියලා.ඒ අදහසට එකඟ වෙලා නැහැ.අපේ කණ්ඩායම ඊයෙත් රැස්වුණා.අපි අඟහරුවාදා රැස් වුණා. ආපහු බ්‍රහස්පතින්දා රැස් වුණා. ආපහු රුස්වෙන්න කියලා තව දවස් දෙක තුනකින්. අපි රැස් වෙලා ඉදිරියට යනවා. මේ එකඟත්වය ඉවත්වීමක් ගැන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම කියලා නෑ. මම අනිත් පක්ෂ නායකයින්ටත් කතා කලා පෙරමුණේ. ඒ අයත් කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. මොකද අපි ඔක්කම එකට ඉන්නේ. https://www.facebook.com/NewsfirstSL/videos/1844447948948788/