සාගල හදිසියේ ම ඉල්ලා අස්වෙන්නේ ඇයි...?

සාගල හදිසියේ ම ඉල්ලා අස්වෙන්නේ ඇයි...?

by Sagarika Chathumali 15-02-2018 | 9:34 PM
COLOMBO (Newsfirst) : මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ද? මෙය අද පස්වරුවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ තවත් කරුණකි. අමාත්‍ය සාගල රත්නායක මහතා අද දහවල් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැතැයි අද පැවති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි. එහෙත් පක්ෂ නායකත්වය ලබාදෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑ ම වගකීමක් භාර ගන්නා බව සාගල රත්නායක මහතා සිය සටහනේ සඳහන් කර තිබිණ. සාගල රත්නායක මහතාගේ මෙම සටහන සම්බන්ධයෙන් අද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. නීතිය හා සාමය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතාට භාර දීමේ සූදානමක් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ අතර ඊට අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "නෑ නෑ නෑ. මට දොස්තරලයි, පොලිසියයි දෙක එකට ගන්න බෑ. මොක ද පොලීසිය දොස්තර කෙනෙක්ට ගැහුවොත් මම කොයි පැත්ත ගන්න ද?"