යහපාලනයට ආණ්ඩුවට වැරදුණු තැන...

යහපාලනයට ආණ්ඩුවට වැරදුණු තැන...

by Sagarika Chathumali 15-02-2018 | 8:29 PM
COLOMBO (Newsfirst ) : යහපාලන ආණ්ඩුවේ මුග්ධ බල උවමනාවේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක අද බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශවය ම ජනවාරි 8 වන දා ජනතාව අපේක්ෂා කළ පොදු දේශපාලන අවශ්‍යතා වෙනුවට පෞද්ගලික බල වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ බවයි.

"අග්‍රාමාත්‍යවරයා ඔහුට ඒ ලැබුනු බලය හරහා ඔහු කල්පනා කරමින් තිබුණා එළඹෙන ජනාධිපතිවරණයේදී අගමැති පුටුව වෙනුවට ජනාධිපති පුටුවේ වාඩිවීම සදහා දේශපාලන බල සැලැස්මක් හැදුවා.ඒ නිසා මේ පාර්ශව දෙකම 2015 ‍ජනවාරි 8 වැනිදා ජනතාව ඉල්ලු පොදු දේශපාලන අවශ්‍යතා වෙනුවට තමන්ගේ පෞද්ගලික දේශපාලන බල වුවමනාවලට අනුගත වුණා. එදා යහපාලන පොදු වුවමනාවන් බිදවට්ටමින් බල පොරයට අවතීර්ණ වුණා.මුග්ධ බල වුවමනාවේ ප්‍රතිඵල තමයි අද මේ අත්ව තියෙන ඉරණම"