මුත්තු සිවලිංගම්ට නි. ඇමති ධූරයක්

මුත්තු සිවලිංගම්ට නි. ඇමති ධූරයක්

by Staff writer 15-02-2018 | 4:32 PM
Colombo (Newsfirst) සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ය. මුත්තු සිවලිංගම් මහතා මීට පෙර කටයුතු කළේ, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ය.