බංග්ලාදේශයට එරෙහි පළමු 20/20 ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි

by Staff writer 15-02-2018 | 8:28 PM
Colombo (Newsfirst) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 193කි. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 66ක් සහ මහ්මුදුල්ලා ලකුණු 43ක් රැස් කළහ. පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩිස් කඩුලු 2ක් දවා ගත්තේ ය. ශෙහාන් මධුසංක, ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන සහ තිසර පෙරේරා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලකුණු 194ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය වාර්තා කළේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 42ක් රැස් කළහ. පන්දු යැවීමේදී බංග්ලාදේශයේ නස්මුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තේ ය.