පද්මාවත් වාර්තාගත ආදායමක් උපයයි

පද්මාවත් වාර්තාගත ආදායමක් උපයයි

by Sagarika Chathumali 15-02-2018 | 6:21 PM
සංජේ ලීලා බන්සාලිගේ ආන්දෝලනාත්මක පද්මාවත් සිනමා පටය තිරගතවීම් ආරම්භ කර සති තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 484.53 ක ආදායමක් උපයා තිබේ. එය චිත්‍රපට නිෂ්පාදන පිරිවැය මෙන් දෙගුණය ඉක්මවූ සංඛ්‍යාවකි. සංජේ ලීලා බන්සාලි ප්‍රකාශ කළේ, මේ වන විට පද්මාවත් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ලොවපුරා තිරගත වන බවයි. සිනමා පටයේ රූගත කිරීම් ආරම්භ කළ අවස්ථාවේ පටන් එය තිරගත කරන අවස්ථාව දක්වා පැමිණි අභියෝග දෙස බැලීමේදී මෙය තමා ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.