තේවල තත්ත්වය පරීක්ෂාවට යන්ත්‍රයක්

තේවල තත්ත්වය පරීක්ෂාවට යන්ත්‍රයක්

by Sagarika Chathumali 15-02-2018 | 4:58 PM
COLOMBO (Newsfirst) : මෙරට තේවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නව යන්ත්‍රයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ මහතා සඳහන් කළේ, ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත මෙම යන්ත්‍රය මෙරටට හඳුන්වා දෙන බවයි. අදාළ යන්ත්‍රය හරහා තේ නිෂ්පාදනවල රාසායනික සංයුතිය පිළිබඳ නිවැරදි දත්ත ලබා ගත හැකියි. ඒ අනුව එක් එක් රටවල් ප්‍රියකරන තේ වර්ග පහසුවෙන් හඳුනාගෙන අපනයනය සඳහා සකස් කිරීමට හැකියාව ඇති අතර එමගින් තේ සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යනු ඇති බව ද තේ පර්යේෂණායතනය කියා සිටී. දැනට පරීක්ෂණ මට්ටමේ ඇති මෙම යන්ත්‍රය නුදුරේදී ම තේ නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.