අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

by Hashini De Mel 15-02-2018 | 11:45 AM

COLOMBO (Newsfirst) - ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය. කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩකාහිදී අද සවස පැවැත්වීමට නියමිතව ය. එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භවීමට වේ.