අතීතය වර්තමානය සහ තිත්ත ඇත්ත

අතීතය වර්තමානය සහ තිත්ත ඇත්ත

by Staff writer 15-02-2018 | 10:51 PM

Colombo (Newsfirst) : එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පොදු ජනතාවගේ පක්ෂයක් වන අතර එය වසර 70 කට වැඩි ඉතිහාසයක් ඇති රටට බොහෝ වටිනා දේ දායාද කළ පක්ෂයක් ද වේ.

ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් ඔවුන්ගේ දුර්වලතා අපි අනාවරණය කරන්නෙමු. ජනතාවගේ එක ම අපේක්ෂාව ශ්‍රේෂ්ඨ නායකයින්ගේ මග පෙන්වීමෙන් ජනතා පැතුම් ඉටුකල මේ පක්ෂය තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවනු දැකීමයි. එහෙත් අත්තනෝමතික තීරණ නිසා පක්ෂය ජනතාවගෙන් ඈත්වී ක්ෂයවෙමින් යන බව පක්ෂයේ වත්මන් නායකයින් හා නිලධාරීන් තේරූම් නොගැනීම කනගාටුවට කරුණකි. මේවා අනාවරණ කරමින් අප කරුණු වාර්තා කිරීමේදී අපට ද විවිධ අවලාද, අසත්‍ය චෝදනා නගමින් විවේචනය කරන බව අප හොදින් දන්නා කරුණකි. ඒවායේ ඇත්ත නැත්ත විශ්වාස කිරීම ජනතාව සතු කාර්යයකි. ජනතාව වෙනුවෙන්, රටවෙනුවෙන් ඇත්ත හෙළි කිරීම වැදගත් බව අපි හොදින් අවබෝධ කරගෙන සිටින්නෙමු. බැඳුම්කර වංචාවේදී අප ඇත්ත හෙළ කර ඇත. එය දැන් ජනතාව ඉදිරියේ තහවුරුවී ඇත. සත්‍යය රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් හෙළි කිරීමට අපි පසුබට නොවන්නෙමු.