by Hashini De Mel 15-02-2018 | 12:18 PM
COLOMBO (Newsfirst) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (17) පෙරවරු 9.00 සිට පසු දා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසා තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් මහතා ප්‍රකාශ කළේ, කෙළඹ 01, 02 ,03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට එළෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
මීට අමතරව කොළඹ 12 හා 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ අදාළ කාලය තුළ ජලය සැපයීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.