
ඒකාබද්ධ විපක්ෂය මොක ද කියන්නේ..?
ඒකාබද්ධ විපක්ෂය මොක ද කියන්නේ..?
කර්තෘ Sagarika Chathumali
COLOMBO (Newsfirst) : ආණ්ඩුවකට සහය දීම පිළිබඳ තීරණය කිරීමට පෙර නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගත් එකඟතාවෙන් ඉවත්විය යුතු බව ඒබද්ධ විපක්ෂය පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේ ය.
මෙම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, ඒකාබද්ධ විපක්ෂය ඊට සහය දක්වන බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු…..
ජොන්ස්ටන් ප්‍රනාන්දු – : අපි බලමු ඉදිරි පැය 24 දී මොකද වෙන්නේ කියලා
ප්රශ්නය – : දැන් ඔබතුමන්ලා හැංගි හැංගි ආණ්ඩු හදනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු – : හැංගිලා නැහැ. අපි හැංගිලා නැහැ. අපි එළිපිට ගේම් ගහන්නේ
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසුවේ, කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවන බවයි.
”ආණ්ඩුව පෙරළිලා තිබෙන්නේ. ආණ්ඩුව පිහිටුවන්න විතරයි දැන් තිබෙන්නේ. ආණුව පෙරලිලා ඉවරයි. දැන් ආණ්ඩුවක් පිිටුවන්න වන්න තියෙන්නේ අපි ආන්ඩුවකට ගිහිල්ලා කඩිනමින් අපි ආණ්ඩුවක් පිහිටුවනවා”
මෙහිදී අදහස් දක්වමින් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටවීමට දැනට එක්සත් ජාතික පක්ෂය සමග ඇති ආණ්ඩුව අවසන් විය යුතු බවයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි