ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති අත්අඩංගුවට

ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති අත්අඩංගුවට

by Staff writer 14-02-2018 | 8:48 AM
Colombo (Newsfirst) මාධ්‍යවේදී ලසත්න වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු එවක ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යි. අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.