පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

by Staff writer 14-02-2018 | 7:31 AM
Colombo (Newsfirst) පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික සංඛ්‍යාවට ඉඩකඩ ප්‍රමාණවත් වන පිරිදි එක් එක් පළාත් පාලන ආයතනවල ඉඩ පහසුකම් වැඩි කිරීම ද ආරම්භ කර ඇති බව පද්මසිරි මහතා සඳහන් කළේ ය.