by Hashini De Mel 14-02-2018 | 6:37 PM
COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රීලංකන් කේටරිං සහ මිහින් ලංකා සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් අද පත්වීම් ලිපි ලබා ගෙන ඇත.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරනු ඇති.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ. ඒ. පි. ආර් අමරසේකර මහතා, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්. ඩී. ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ජේ. කේ ගීගනගේ මෙනවිය ද මෙහි සමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.
2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි මස 30 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සහ පරීක්ෂණ කොට වාර්තා කිරීම අදාළ කමිටුවට විසින් සිදු කිරීමට නියමිත ය.