ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩාවැටී 7දෙනෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩාවැටී 7 දෙනෙක් මරුට

by Staff writer 14-02-2018 | 4:08 PM

COLOMBO (Newsfirst) : ග්‍රෑන්ඩ්පාස්, බාබාපුල්ලි මාවතේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තව ත් පිරිසක් තුවාල ලබා තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, තුවාල ලැබු දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. පෞද්ගලික ආයතනයකට අයත් පැරණි ගොඩනැගිලි සංකීරණයක් වන මෙය ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ. ඉන් ගොඩනැගිලි දෙකක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිරවි සිටි පුද්ලයින් ගලවා ගැනීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.