ඊශ්‍රායල අගමැතිට එරෙහිව එරට පොලීසියෙන් අධිචෝදනා

ඊශ්‍රායල අගමැතිට එරෙහිව එරට පොලීසියෙන් අධිචෝදනා

by Staff writer 14-02-2018 | 9:37 AM
(Newsfirst) ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට පොලීසිය අධිචෝදනා ගොනු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල පොලීසිය පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් සම්බන්ධ නඩු 2කට අදාළව ප්‍රමාණවත් තරම් සාක්ෂි හමුවී ඇති බව ය. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැති නෙතන්යාහු පවසා ඇත්තේ, තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ය. තමන් තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරමින් තම කාර්යාලයේ රැඳී සිටින බව අගමැතිවරයා රූපවාහනී නාලිකාවකට පවසා තිබේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අගමැති නෙතන්යාහු චෝදනා ලැබිය යුතු ද යන්න සම්බන්ධ අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ ඊශ්‍රායල නීතිපතිවරයා බව ය. ධනවත් ව්‍යාපාරිකයින් ලබා දුන් බව කියන ත්‍යාගවල ව්‍යාජ බිල්පත් සම්බන්ධයෙන් සහ පුවත්පත් ප්‍රකාශකයෙකු සමග සිදු කෙරුණා යැයි කියන ගිවිසුමක් සම්බන්ධයෙන් නෙතන්යාහුට එරෙහිව චෝදනා එල්ල වේ.