අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

by Staff writer 14-02-2018 | 7:01 AM
Colombo (Newsfirst) අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27%ක් අධික වේගය හේතුවෙන් සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. අද සිට ක්‍රියාත්මක මෙම පද්ධතිය මගින් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු වාහනවල වේග සීමා නිරීක්ෂණය කෙරේ. වේග සීමා උල්ලංඝනය කෙරෙන වාහනවල ඡායාරූප සෑම පිටවීමේ ස්ථානයක් කරා සම්ප්‍රේෂණය කරන අතර එම ස්ථානවල ස්ථාපිත ටැබ් යන්ත්‍ර‍ මගින් ඡායාරූප සහිත විස්තර පත්‍රිකාවක් රියැදුරන් වෙත ලබා දීමට නියමිත බව එස්. ඕපානායක මහතා පැවසුවේ ය. එම නිරීක්ෂණ පත්‍රිකාවේ වාහන අංකය, නිරීක්ෂණ දිනය, වේලාව සහ එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.