2017 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ

2017 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ

by Hashini De Mel 13-02-2018 | 6:33 PM

COLOMBO (Newsfirst) - 2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ ආරම්භවීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව මේ මස 20 වන දායින් ආරම්භවන ප්‍රායෝගික පරීක්ෂණය මාර්තු මස 03 වන දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. නව නිර්දේශය යටතේ අපේක්ෂකයින් 174,507ක ප්‍රමාණයක් ද පැරණි නිර්දේශය යටතේ 5093දෙනෙකු ද පෙනී සිටීමට නියමිත ය. සියලු අපේක්ෂකයින් 179,600 ක ප්‍රමාණයක් පරීක්ෂණ මණ්ඩල 1632ක් හරහා ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත්වනු ඇත.