කුසල් ඉවතට: කුසල් ඇතුළට

20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට

by Hashini De Mel 13-02-2018 | 5:33 PM

COLOMBO (Newsfirst) - කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේ ය. කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, වෛද්‍ය උපදෙස් මත කුසල් ජනිත් පෙරේරා, ඉදිරියේදී පැවත්වීමට නියමිත පන්දුවාර 20/20 තරගාවලියෙන් ඉවත් කළ බවයි. ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20/20 තරගාවලිය ලබන 15 වන දා ආරම්භවීමට නියමිත වේ.