ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී සමරති

ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී දිනය සමරති

by Staff writer 13-02-2018 | 7:12 AM
Colombo (Newsfirst) ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී දිනය සමරති. ශිව දෙවියන් උදෙසා පවත්වන උපහාර අතුරින් මහා ශිවරාත්‍රී දිනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මහා ශිවරාත්‍රී දිනය ආරම්භයේ සිට විවිධ ආගමික වතාවත්වල නිරත වන බැතිමතුන් රාත්‍රිය පහන් කරන්නේ නිදි වර්ජිතව ය. අතීත කතාවක් මුල් කර ගනිමින් හින්දු බැතිමත්හු එම චාරිත්‍රය ඉටු කරති. මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවායි යන්න ය. අද වැනි උතුම් දිනයක මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රාඥා ආලෝකය පැතිරේවායි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් ප්‍රාර්ථනා කර තිබේ. ලොව පුරා සිටින හින්දු ජනතාවට අර්ථ පූර්ණ, ප්‍රීතිමත් මහා ශිවරාත්‍රී දිනයකට සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.