රනිල් අගමැති ධුරය අත්හරී ද...?

රනිල් අගමැති ධුරය අත්හරී ද...?

by Sagarika Chathumali 13-02-2018 | 9:13 AM
COLOMBO (Newsfirst) : රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් එම වාර්තාවේ දැක්වෙන්නේ, නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදු නොවිය යුතු බවත් පක්ෂයේ සංශෝධන පක්ෂ අභ්‍යන්තරයට අවශ්‍ය පරිදි සිදුවි යුතු ය යන්න, අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරූ ජයසූරිය මහතාට නායකත්වය ලබා දිය යුතු බවට පක්ෂය තුළින් ඉල්ලීම් මතුව ඇතැයි බීබීසී පුවත් වාර්තාවේ සඳහන් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සම්බන්ධකර ගෙන තනි ආණ්ඩුවක් පිහිටුන වන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ බව කියන අදහසට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා එවැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව පවසා ඇතැයි බීබීසී සිංහල සේවයේ සඳහන් ය.