යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක්

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක් - සජිත් ප්‍රේමදාස

by Chathuranga Rajapaksha 13-02-2018 | 10:27 PM
COLOMBO (Newsfirst) - විශේෂ කමිටුවක් ස්ථාපනය කර එම කමිටුවේ යෝජනා සමගින් යහපාලන රජය ඉදිරියට ගෙන යාම සඳහා ජනපති සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය. අමාත්‍යවරා ඒ බව සඳහන් කළේ, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කැබිනට් අමාත්‍යවරු අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය. සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරට ත් සඳහන් කළේ, සාකච්ඡාවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශව නියෝජනය කළ අමාත්‍යවරුන් මෙම යෝජනාවට එකඟ වූ බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1841190689274514/